Home/Songs/ලොව විසල නෙත්

ලොව විසල නෙත්

Lowa Wisala Neth

Font size:
ලොව විසල නෙත් ඉදිරියේ අපි නාඳුනන දෙදෙනෙක්
මුව කොනින් වත් සිනා නොසලන නාඳුනන දෙදෙනෙක්
මොහොතකට ඔව් මොහොතකට අපි නාඳුනන දෙදෙනෙක්

දෙනෝදාහන් නුවන් හමුවී නෙතු අගින්වත් නොබලනා
නිහඩ ප්‍රේමයේ සුපෙම් සිතුවිලි මහද ලතැවේ ඔබ නිසා
සදාකල්හිම ලොව විසල නෙත් ඉදිරියේ
අපි නානඳුන දෙදෙනෙක්

ලොව විසල් නෙත් ....

ඔබ ද තනිවී මම ද තනිවී මල් වසන්තය නිමවුණා
බැදුණු සීමා පවුරු අතරේ ප්‍රේමයත් වියපත් වුණා
එසේ වුවද ලොව විසල නෙත් ඉදිරියේ
අපි නානඳුන දෙදෙනෙක්

ලොව විසල් නෙත් ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.