Home/Songs/ජීවිතේ ඇති තුරා

ජීවිතේ ඇති තුරා

Jeevithe Athi Thura

Music: උදාර සමරවීර Lyrics: යු පි ප්‍රවේෂ්
Font size:
ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා
මා ලොවේ තනිකළා මතකයෙ කඳුලක් ළඟ තියා
මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා
ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා...

ඈ සිනහා සිහි කරන හැම වාරයේ කඳුලින් දෙනෙත බොඳ වුණේ
තනිකමට මට හිටියේ ඔබමයි ලොවේ නොකියාම ඇයි නුඹ ගියේ
ඔබ එන මග බලා මගේ හිත රැවටිලා හිත මාගේ පිළිගන්නේ නෑ 
මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා
ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා...

ගිය තැනක ඔබ ඉන්න සතුටින් ලොවේනැත වෛර පෙම් කළ සිතේ
මුළු ලොවම ඔබ ගැනම අසනා පැයේනිහඬවම ඉන්නම් සඳේ
ඔබ එන මග බලා මගේ හිත රැවටිලා හිත මාගේ පිළිගන්නේ නෑ 
මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා...

ජීවිතේ ඇති තුරා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.