Home/Songs/එනමුත් නෑ සැනසෙන්නේ (මනමේ)

එනමුත් නෑ සැනසෙන්නේ (මනමේ)

Enamuth Na Sanasenne (Maname)

Lyrics: එදිරිවීර සරත්චන්ද්‍ර
Font size:
එනමුත් නෑ සැනසෙන්නේ සිත මාගේ දැවේ ගින්නේ//
රජ සැප මට මන්ද කෙලෙස මෙ උසුලම් ද//
දියණිය ඇදුරින්ඳු රුව මාගෙ සිතේ ඇන්දූ
රිසුරු එ සුර ලන්ඳු දැඩි ආලේ ලයේ රැන්ඳූ
කෙලෙසින් ඈ හැරා යම්දෝ සරණේට කෙසේ ගම්දෝ...//

පියගුරු අනුදැන්මා හැකිවේද ලබා ගැන්මා//
දියණිය ඇදුරින්ඳු රුව මාගෙ සිතේ ඇන්දූ
රිසුරු එ සුර ලන්ඳු දැඩි ආලේ ලයේ රැන්ඳූ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.