Home/Songs/මහදේ සැතපීලා

මහදේ සැතපීලා

Mahade Sethapeela (Paba Theme Song)

Font size:
මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා
සිත් විල කළඹලා, කොඳ කුමුදු හදේ පිපිලා...
ඔබේ වේවා මා... ඔබෙමයි මා 
මගේ වේවා ඔබේ සෙනෙහේ 
උපදින හැම භවය සරා.. 
මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා
සිත් විල කළඹලා, කොඳ  කුමුදු හදේ පිපිලා... 

කළුවර අහස මේ මා... ඔබ සඳවතිය වෙලා...
තරු මල් කිනිති නෙලා, මාවත් කුසුම වුණා...
ඔබ සිටියා... මග රැඳිලා... ජීවිත ගමන පුරා...
සඳ සෙවනැල්ලයි මා..... 

මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා
සිත් විල කළඹලා, කොඳ කුමුදු හදේ පිපිලා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.