Font size:
ලොවේ වෙසෙන හැම සතුනටම.. බුද්ධං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. ධම්මං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. සංඝං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනටම.. මේ තුන් සරණේ සරණයි සරණයි..// දොහොත් මුදුන් දී වැන්දා.. පසඟ පිහිටුවා වැන්දා.. පෙරළි පෙරළි අපි වැන්දා.. අපේ බුදුන් අපි වැන්දා.. සසර කතර අතරමංව.. හසර නොදැන සිටි සතුනට.. විතර නොමැති කරුණාවෙන්, යහ මග පෑවා.. ගුණෙන් පිරුන පිනෙන් පිරුන, මහා ගුණවතා.. මහා පින්වතා.. දොහොත් මුදුන් දී වැන්දා.. පසඟ පිහිටුවා වැන්දා.. පෙරළි පෙරළි අපි වැන්දා.. අපේ බුදුන් අපි වැන්දා.. දුකට පෑව දයා ගුණේ.. සැමට පෑව එක සම සේ.. දුකට පිහිට වී සැමගේ, සෙත සැලසූවා.. ගුණෙන් පිරුන පිනෙන් පිරුන, මහා ගුණවතා.. මහා පින්වතා.. දොහොත් මුදුන් දී වැන්දා.. පසඟ පිහිටුවා වැන්දා.. පෙරළි පෙරළි අපි වැන්දා.. අපේ බුදුන් අපි වැන්දා..
Singers
Data
Last updated May 2026