Font size:
කුමක් කරත් කොහේ ගියත් මොනවා වුණත් මග බලන් හිටියා මම අදත් පැය දෙකක් තුනක් දිනක් දෙකක් පමා වුණත් නෑ කවදාවත් මම පමා වෙලා මේ වගේ එක දවසක්වත් බඩත්ගිනි නෑ උදේ ඉඳන් මට තේ උගුරක් බොන්නට අහලක පහළක පොඩි කඩයක්වත් ඉවසාගෙන හිටියා නම් මම තව දුරටත් තාමත් හංදියේ අඹ ගහයට මම උඹ එනකන් මාව මග නොහැරපං පං පං මගෙ මූණටම කියාපං පං පං පැත්ත ගියත් උඹ ඇත්තම කියලා මාව දාලා පලයං යං යං මගේ දෑස් දිහා බලපං පං පං තවත් වරක් හිතපං පං පං මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ හිතෙන් අහලා බලපං පං පං මතකයි මට අද වගේම තව එක දවසක් මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක් මඩත් වැඩී වැහි පොදත් සැරයි මගේ කුඩෙත් පොඩී උඹේ මුහුණ වගේ මුළු අහසත් එදා හරි අඳුරුයි විදුලි කොටයි ඒවත් උඹේ කට වගේ සැරයි අදත් කළේ උඹ එදා මට කෙරුවා වගේ වැඩක් හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත් සමාව දෙන්නට ඔය බොරුකාරිට තව පාරක් මාව මග නොහැරපං......//