පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු
Pipenawalu Mal Parawi Watenwalu
Font size:
පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල් උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල් ඉතින් අම්මේ කුමකට ලොව පිපෙනවාද මල් // යාය පුරා උන් දුව පනිති තරගෙට සුසුනිදු මල් නෙලති // හැමදා මල් ලොව මල් අගිනි මට උන් ඔච්චම් බස් දොඩති පිපෙනවාලු මල් ......... ලෝ පිපි ලස්සන මල් වන්නේ සෙනෙහසේ මල් යැයි මා දන්නේ // ඒ මල් නෙලුමට ලොව ඉන්නේ අම්මා පමණයි මා දන්නේ පිපෙනවාලු මල් .........
Singers
Data
Last updated May 2026