Home/Songs/සහසක් පැතුමන්

සහසක් පැතුමන්

Sahasak Pathuman

Font size:
සහසක් පැතුමන් ඉපදී මියගොස්
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන 
ඇහැළ මහක අඩ හඳ පෑයූ දා 
(මතකද සිරි දළඳා වැන්දා)//

(අතීතයත් වෙන්වන  රේඛාවෙන් 
අනාගතය හිස් කරවනු ලැබුවා)//
ඔබෙ අත අන් ලඳකට හිමි කරදී 
(මතකද මා ඉකිබිඳ හැඬවා)//

සහසක්.........

(අහිමිව ගිය සම්පතට වඩා
හිමි වූ දුක මිහිරි සලකන්නම්)//
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත් 
පෙර පිනැකැයි මා සැනසෙන්නම්

සහසක්.........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.