Home/Songs/දේවදාර ගස් අතරින්

දේවදාර ගස් අතරින්

Dewadaara Gas Atharin

Music: නිමල් ගුණසේකර Lyrics: ආනන්ද පද්මසිරි
Font size:
දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ...//

පුංචි දැරියක් වාගේ
මා සුරතේ දැවටීලා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා...

දේවදාර ගස් අතරින්.../

මියුරු සරින් ඇය මා හා 
තෙපලූ ඒ ප්‍රාර්ථනා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා...

දේවදාර ගස් අතරින්...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.