හිම කඳු යහනේ
Hima Kandu Yahane
Music: සරත් දසනායක Lyrics: කුලරත්න අරියවංස
Font size:
හිම කඳු යහනේ - වළා සදැල්ලේ... සදා හරිත තුරු සෙවනැල්ලේ මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී - අපේ සිහින උයනේ මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී - අපේ සිහින උයනේ මොහොතක් සැඟවෙමු හිම කඳු යහනේ...යහනේ....යහනේ.... දෙසිතක බැඳි රැකවල් ගිලිහී යයි තනි වූ සිත් අද නොතනි වෙලා // ඒ හසරැල් විල මා සිත පිබිදී ඔබට පිදෙන්නට මලක් වෙලා කඳුලක් නැගි මොහොතක ඔබ නෙතඟින් ලංවෙමි සිටිය ද කොතැන ලොවේ....// හිනැහෙමි එසඳෙහි කඳුළු මුදාහැර ඔබගේ උණුසුම් ළය මඬලේ හිම කඳු යහනේ... /