Home/Songs/මගේ කොණ්ඩේ නැතත්

මගේ කොණ්ඩේ නැතත්

Mage Konde Nathath

Font size:
(මගේ කොණ්ඩේ නැතත් ඉන ගාවට 
රෙද්දේ හැට්ටේ නොඇන්දාට
හැදිච්චකම තාම තියෙනවා
කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට
බටහිර පන්නෙට ඇන්දට
හැදිච්චකම තාම තියෙනවා..//) 

යනකොට පාර තොටේ පිඹගෙන හැටට හැටේ
තරුණ නාකි වෙනසක් නැහැ බැල්ම දානවා
වැඩි දෙනෙකුගේ හිත රිද්දලා
එක්කෙනෙකුව බැහැ බඳින්න
ඒක හින්දා මැරෙන තුරා නොබැඳ ඉන්නවා

මගේ කොණ්ඩේ....

දැන දැන වැරදි කරන බොරුවෙන් ජීවත් වන අය
දැක්කම මට හරියට කේන්ති යනවා
නැති බැරි අය මුණ ගැහුනම
ඒ අයගේ දුක කිව්වම
උණු වෙන ගතිය හිතේ මටත් තියෙනවා

මගේ කොණ්ඩේ....

අනේ මගේ සිංදු අහන් ඉන්න කැමති ඈයෝ ඉන්නා තුරු
ඒ අය පිනවන්න මමත් සිංදු කියනවා
රසිකයෝ අඩුවෙලා මට බැහැයි තියලා හිතුනුදාට
තිය‍ෙන දෙයක් කාලා බීලා ගෙදර ඉන්නවා

මගේ කොණ්ඩේ.....//
අනෙ මගේ හැදිච්චකම තාම තියෙනවා
එතකොට හැදිච්චකම කවදත් තියෙනවා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.