Home/Songs/ඉපදුණ දා මා

ඉපදුණ දා මා

Ipadunu Da Ma

Music: විජයරත්න රණතුංග Lyrics: ජෝ රංජිත් ගුණසේකර
Font size:
ඉපදුණ දා මා හඬා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

(බඩගා දණගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්න ඇති) //
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

(මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්මා මා සිප ගන්න ඇති) //
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

(වන්දි ගෙවන්නට අද මට පිං නැති
බුදුන් වදින ලෙස වඳිමි වැටී) //
ඔබ මතු බුදු බව ලබනු ඇතී...//// 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.