Home/Songs/සුන්දර යායේ එක් දවසක

සුන්දර යායේ එක් දවසක

Sundara Yaye Ek Dawasaka

Font size:
සුන්දර යායේ එක් දවසක ඒ ගිම්හානේ
උණුසුම අතරින් අප මුලින්ම එහි හමුවූයේ
අප අවිද ගියා ගී ගැයුවා සොඳුරු සමයේ
තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ සැමදා

හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
සතුටුයි සිසිලයි අමතකවෙයි කඳුළු කතා
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා
හදවතේ පවුරු දැන් නිදහසේ

සිතුවිලි බැඳුනා වෙරළේ දිය රැලි පෙළිපෙල වාගේ
සිත හදුනාගන්නට පහසුයි නෑ මා සිතුවේ
එනමුදු එය කොතරම් මිහිරිද තවම දැනේ සැමදා

හමුවීම සුන්දරයි ....

බැඳි මිතුදම අප සිත් ලං කලා දෙඩු දිනේ
ඔබ හා මා සැමදෙන වුව මේ කෙටි ජීවිතේ
හිනැහෙමු අපි එක ලේ ඇති සොහොයුරන් වාගේ
එක මවකගේ දරුවන් සේ අපි මේ දිවි ගමනේ
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා
හදවතේ පවුරු දැන් නිදහසේ

හමුවීම සුන්දරයි .... //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.