Home/Songs/ඔබ ඇදීයයි

ඔබ ඇදීයයි

Oba Adee yai

Music: වික්ටර් රත්නායක Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
( ඔබ ඇදීයයි ඈත අහසේ සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන්වී පුරුදු ලෙස දුකසේ ) //

යළිත් ළංවනු බැරි දුරක්වී
දුරස්වූදා නැතිද දැනුණේ
පවන් රැල්ලෙන් ලෙලෙන පහනම
පවන් රැල්ලෙන් නොවෙද නිවුණේ

ඔබ ඇදීයයි ඈත අහසේ ...

සිතින් අමතක කරනු යෙහෙකිද
විලෙහි ලෑ ලුණු අහුර විලසේ
දුකින් උතුරන වතුර සැලියම
සිසිල්වී ලිප නිවුණු දවසේ

ඔබ ඇදීයයි ඈත අහසේ ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.