Font size:
සඳ අප ලඟට වෙලා...තරුමල් කිනිති සලා... ඔබ මා ලඟට වෙලා...සිටි ඒ මොහොත මතකදෝ...// සිහින කොදෙව් පුරා...මල් සුවඳ සිහිල උරා... මද පවන පැමිණ රැඳිලා...අප දෙදෙන වසා උන්නා... මතක පොතේ පිටු අතරේ...ඔබගෙ සතුට ඇඳිලා... අපට හොරා ලොවට හොරා...සඳත් හිනැහුනා... සඳ අප ලඟට වෙලා... තඹර කැකුළු හඬා...යළි සැනින් සිනා සුනා... බිඟු තුඩක රිදුම ඉවසා...නෙතු යුවල වැසී තිබුනා... සතුට දරා නිසල වුනා...සුවඳ සුසුම් දැනුනා අපට හොරා ලොවට හොරා...සඳත් හිනැහුනා... සඳ අප ලඟට වෙලා...