මල් වසන්තේ (දිගන්තේ)
Mal Wasanthe (Diganthe)
Music: පොප් පන්ක් Lyrics: පොප් පන්ක්
Font size:
මල් වසන්තේ ඈ කොහේදෝ මං මුලාවී... මේ දසන්තේ ඈ කොහේදෝ මං සොයාවී මල් වසන්තේ මං ගී ගයාවී මුලාවේ... (පාවී යාවී සිහින මායම්කාරී සිහිනේ තනිවී මේ දිගන්තේ පාවී...//) මේ දිගන්තේ පාවී... මල් මදහස් තරු උදහස් අස් කරගෙන යන්න මගේ හද ගැබෙ පස් වුනු තරුවලු කාවලු වාලුකාවන් යටතට උසම තැනින් යල්ලා තව තැනකට මනසින් ඉන්ද්‍රචාපයන් හිරු කිරනින් වෙලා ඝන අදුර ගිනියම් කලා තාපයන් සාපයන් නිසොල්මන ග්‍රහලොවේ පව ඝන්ඨාරයක් පෙර පින ප්‍රාථිහාරයක්... මන්දාකිනි මම කන සිරබත සන්නාසද්ද අධෝරක්ත වීණා වත පිරිවරන් උල්කාපාත වැසි වරුසා බිඳ දමන් එන් හඹාගෙන මම ක්ශීරපාත උන්නා එක ගංගාවක තරුණිය ආසයි මට සිප ගන්න ඒ තුරුලිය හුන්නා වැඩි මා පන්නා දමා මිනිසා අඹුසැමි වුණා එක්ක පෘථිවිය... මේ දිගන්තේ ඈ නොවේ දෝ මල් සරාවී ඒ සුගන්දේ ඈ මතින්දෝ දැන් හමාවී මේ දිගන්තේ මල් වසන්තේ තරු කොහේදෝ ඔබ දුර ඈතයි මා සඳු නිවෙද්දී තරු හඬාවී මං කොහේදෝ... පාවී යාවී සිහින මායම්කාරී සිහිනේ තනිවී මේ දිගන්තේ පාවී... (මේ දිගන්තේ මල් වසන්තේ තරු කොහේදෝ සඳු නිවෙද්දී තරු හඬාවී මං කොහේදෝ...//) (පාවී යාවී සිහින මායම්කාරී සිහිනේ තනිවී මේ දිගන්තේ පාවී...///)