Font size:
මේ වැල මොකදෝ..... දම් වැල මේ වැල මොකදෝ..... කිරි වැල මේ වැල මොකදෝ..... කිඳ වැල මේ වැල මොකදෝ..... මධු වැල (උඩින් පනින් දල්ල කැඩෙයි යටින් රිංගන් හිඹොල් ඇනෙයි......//) (මේ පුටු කාගේ බණ්ඩාලේ මේ ඇඳ කාගේ බණ්ඩාලේ.....//) (කුරුළු කූඩු කූඩු දුටිම් අපි දුටු කූඩුවක් නැති ලේන් කූඩු කූඩු දුටිම් අපි දුටු කූඩුවක් නැති.....//) ගේ ගොම ගාලා ගත් මගේ එළුවා නුඹට කොයින්දැ මාගේ එළුවා ඉලපත දීලා ගත් මගේ එළුවා නුඹට කොයින්දැ මාගේ එළුවා....... (එළුවන් කන්ඩයි මං ආවේ එළු බෙටි කාපන් තුන්දීරේ...//) එළුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි බුලත් කොටඤ්ඤයි රළහමි දෙනවද එළුවා බුලත් කෙටූවත් රළහමි නොදෙනෙමි එළුවා දණෙන් වඳින්නම් රළහමි දෙනවද එළුවා (කොච්චර වැන්දත් රළහමි නොදෙනෙමි එළුවා.....////)
Singers
Data
Last updated May 2026