Home/Songs/එක හීන රෑක

එක හීන රෑක

Eka Heena Raka

Music: නිමේෂ් කුලසිංහ Lyrics: කසුන් ජයවර්ධන
Font size:
එක හීන රෑක දෑත දෑත් යාවෙලා 
හිම රේනු නෑවි නෑවි තුරුළු වෙලා 
ඔබ නේද ඈත ඈත ඈත පාවෙලා 
හිත ආයේ ආයේ ආයේ නොඑන කෙනා 

(ඔය ඇස් කතා කරනවා 
මගෙ දිහා බල බලා 
හිරිමල් හිතේ නැවතිලා 
ඉන්නටම දිවි තුරා 
හදවත ඉතිරී ඉතිරී ගලන මේ 
හැඟුමදෝ ආදරේ..//)

කොපුල් සිඹින යාමයේ පබළු වැටෙන සීතලේ 
අනන්තයට පියඹලා යන්න අත්තටු හොයන්නෙපා 
හැඟුම් සුවඳ මාරුතේ පොකුරු පිපෙන ආදරේ 
පුළුන් රොදක ගුලිවෙලා ඉන්න ඇස්වහ වදින්නෙපා 

පුරුදුත් වගේ දැනෙනවා පෙර භවේ හමුවෙලා 
හුස්මක් පවා වටිනවා අපි අපේ හිතෙනවා 
හදවත ඉතිරී ඉතිරී ගලන මේ හැඟුමදෝ ආදරේ 
 
ඔය ඇස් කතා කරනවා....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.