ගිරිකුල මුදුනේ
Girikula Mudune
Music: අමරදේව W D Lyrics: එදිරිවීර සරත්චන්ද්‍ර
Font size:
ගිරිකුල මුදුනේ හිඳ පාමුල වැඳ වැටී සිටින වැසි දන දෙස බලමින් දසරජ දම්මා කෙලෙස රකින්නද පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අප වැසියන් ගේ මව්පිය දෙදෙනා… ඔබ කුසහොත් අප දරු දෙදෙනා සේ වැසියොද වෙති අප දෙදෙනගෙ දරුවෝ… උන්ගේ සිත් තුල ඇති දුක දැකලා මිස කෙලෙසද උන් සෙත සලසන්නේ උන්ගේ අයැදීමට කන්දී මිස කෙලෙසද දෝහල පසිඳාලන්නේ දරුවන් සේ උන් ඇකයට ගෙනමුත් කෙලෙසද සනසන්නේ වැළපෙන විට පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අප වැසියන්ගේ මව්පිය දෙදෙනා… ගුණ යුත් සමිඳුනි ඔබ පවසන මේ උදාර සිතුවිලි ඇසූ කෙනෙහි මා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ හද මේසා නැණසර වදන් අමාවන් ඇසු විරුවෝ වෙන ඇත්ද මෙදිය කුස ඔබ වැනි නිරිඳුන් මෙත් කුලූනින් යුත් රුපු විරුවෝ වෙන සිටිත්ද මෙලොවේ මුදුනින් පිලිගන්නෙම් ඔබ කීවා… දසරජ දහමේ නිවැරදි පදරුත් පහදා දෙනු ලෝසත වෙත මෙත පා...////
Listen
Watch on YouTubeData
Last updated May 2026