මා නොවේ ඒ රාවණා
Ma Nowe E Ravana
Music: අකලංක පනාපිටිය Lyrics: වසන්ත දුක්ගන්නාරාළ
Font size:
මා නොවේ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑවුනා මිදුමක් සේ මීමුරෙන් මිදෙනා මා නොවේ ඒ රාවණා... හිත බින්ද දුනු දිය ඇද්දෙ නෑ මා ඔබ ලඟින් හිඳිනා මන්දෝදරී සැලුනා තාම නාඬා ඉන්නේ ඇයි මා මා නොවේ ඒ රාවණා... ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා සයනයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා දඬු මොණරෙ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා තාම නාඬා ඉන්නේ ඇයි ඈ කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා ලග්ගලින් දලුලා ගිනිගෙන මා දැවී තිබුණා වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා තාම නාඬා ඉන්නේ ඇයි මා මා නොවේ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑවුනා මිදුමක් සේ මීමුරෙන් මිදෙනා...