Home/Songs/යළි නොඑනා

යළි නොඑනා

Yali No ena

Font size:
යළි නොඑනා ගමනක් දෝ - නිම නොවනා ගමනක්දෝ
හේ අහින් හේළි අහින් - හේ අහින් හේළි අහින්

ළිහිණි අහින පාර කියන්නේ - මාළු අහින පෙරළි කරන්නේ
මූදේ කසු කුසුව ඇසෙන්නේ - දෑත දෙපා කඳුළු සලන්නේ

යොතේ තිඹිරි සුවඳ දැනෙන්නේ - පැළේ සුවඳ සුළඟ ගෙනෙන්නේ
දියඹේ අපි තනිව හිඳින්නේ - වෙරළේමයි සිත ගැවසෙන්නේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.