Font size:
බඹරු නොදුටු මලක් පිපිල ගේ මැද සාලේ ඈත ඇදේ දෑස අන්ධ මී මැසි දෑලේ මල් කැකුළක් මල්වර වී දොරට වඩින සඳ සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දිග මන් මත් වී රෑන් ඇදේ තරුණ බඹර කැල බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ සුරංගනා කතා තවත් නොකියනු මැන මට කොයිද නගෝ ඔබ පවසන බඹරු නොදුටු මල මන් මත් වී රෑන් ඇදේ තරුණ බඹර කැල බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල අතින් හැදූ පාට පාට රන් කරදෙහි මල
Data
Last updated May 2026