Home/Songs/ගයා ගීතයන් ගමේ වෙල් එලියේ

ගයා ගීතයන් ගමේ වෙල් එලියේ

Gaya Geethayan Game Wel Eliye

Music: සිසිර සේනාරත්න Lyrics: සිසිර සේනාරත්න
Font size:
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා‍ වගේ ඈ මේ ගමේ...

ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා‍ වගේ ඔහු මේ ගමේ
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ...

ගුරුතුමා දවසක් මා හට තැළුවා
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ලග ඈ මුළු රෑ සිටියා...

අපි දෙදෙනයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ...

ගයා ගීතයන් ගමේ...

නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහුවිත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ...

අපි දෙන්නයි එකට‍ එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා‍ වගේ ඔහු මේ ගමේ...

ගයා ගීතයන් ගමේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.