Font size:
සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියත් මම ඉන් එහා රටේ ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි නොනදින හැම රෑ ලස්සන ඔබෙ රුව සිතින් මවා තුරුලට ගනිමි නිදන හැම වෙලේ සිහිනෙන් ඔබෙ හඩ ගීයක් කර අමරස විදිමි හමන මඳ නළෙහි රහසින් සඟවා ඔබට නොකී පුවතක් කීවා ඔබ සිත නොතලා සුළඟට තෙපලා නොපැතූ හිතකට සිත පිදුවා
Singers
Data
Last updated May 2026