හංගාගෙන සිටියා මා
Hangagena Sitiya Ma
Music: ප්‍රසන්න දිසානායක Lyrics: ලසිත ජයනෙත්ති ආරච්චිගේ
Font size:
හංගාගෙන සිටියා මා සිතක කොනේ// නොවෙනස් හැඟුමක් ඒ ඔබම කෙරේ (හීනයෙන් පවා නම කියැවුණා ඔබේ ඊයෙටත් වඩා අද ආදරෙයි මා...//) ඔය බැල්මන් මා උමතු කරාවි නොසිතනු මැනවි ඔය බැල්මන් මා උමතු කළා පිළිගනු මැනවි සඳඑළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා හීනයෙන් පවා නම කියැවුණා ඔබේ ඊයෙටත් වඩා අද ආදරෙයි මා... ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි දැන් නිරන්තරේ චිත්ත රූ මවයි සිහින් ඇස් පියන් කොහේදෝ රැගෙන යයි නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි ඔය හිත නොහඳුනනවා නෙමෙයි ජීවිතය ගැන බයයි… (ආදරයේ නිසි අරුත තව සොයයි...//) හංගාගෙන සිටියා....