Home/Songs/සිහින පැතුම්

සිහින පැතුම්

Sihina Pathum

Font size:
සිහින පැතුම් ගලා හැලෙන
පිනි විසිරෙන රෑ
දේවතාවියක් හැඩුවා
සඳු හිනහෙන රෑ //

සුවඳ ගෙනා රෝස මල් වනේ
නුඹ සිටියේ කුමාරියක් වගේ
රෝස කුසුමියේ ඇයි මිලින වුනේ
ඇයි සැඟව ගියේ

සියුම් සුසුම් දොකොපුල්  තැවරූ
රුව පෙති යහනේ ඇතිරූ //
තාරකාවියේ ඔය නිල් දෙනෙතේ
කඳුළු සැඟවුණේ

සිහින පැතුම්........//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.