Font size:
එන්න එළියට සොඳුර දැන් ඔබ පතා තරුමල් අවදියෙන් සඳ ඔබට පරදින හැටි බලන්නට (එන්න සොඳුරිය දොර ඇරන්...//) වැව් කුමුදු මල් දිය මත හිඳන් පුර හඳට ළං වී සීරුවෙන් නිල් සළු ඇඳන් වැව රැළි නඟයි රෑ කුමාරියට බැඳි ප්‍රේමයෙන් ඔබ විතරමයි අඩු මේ රැයට දැන් එන්න එළියට දොර ඇරන්.... එන්න එළියට .... සීතල සුළං සී පද කියයි වැව් ඉවුර මත මදහාසයෙන් තුරුලිය සෙමෙන් කෙහෙරැළි කඩයි මිදුම් යහන අනුරාගයෙන් ඔබ විතරමයි අඩු මේ රැයට දැන් එන්න එළියට දොර ඇරන්.... එන්න එළියට ....
Singers
Data
Last updated May 2026