Font size:
දිවියම වාගේ දියකර ප් රානේ දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි මේ මනු ලෝකේ සුරිදුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා // දිව රෑ දෙකේ වෙලිලා දුකේ සැනසීම දන්දී ඔබේ.. දරුවන් නිසා විදිනා සොවේ දෙවියන්ද පුදුමෙන් සැලේ මේ සංසාරේ.. පිං වැස්සාවේ.. වදිමි සැමදා රජුනේ.. පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා // සිතුසේ නොබී සිතුසේ නොකා දරුවන්ට දුන්නා සුවේ බෝසත් ගුණේ පුරනා නිසා නිවනින්ම සැනසුම් ලැබේ මේ සංසාරේ.. පිං වැස්සාවේ.. වදිමි සැමදා රජුනේ.. දිවියම වාගේ.........
Singers
Data
Last updated May 2026