භවයෙන් භවේ (දේදුනු ආකාසේ)
Bawayen Bawe (Dedunu Akase)
Music: උදාර සමරවීර Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017) සුවඳ විහිදා හමන සුළඟේ යන්න පාවී සිතින් පැතුවේ අහස් ගව්වේ පෙනෙන මානේ පාවි පාවී ඉන්නයි සිතුවේ..... දිනෙක හමුවූ දෙනෙත් නොකියූ රහස් තාමත් හිතේ ගොලු වී තවත් නොකියූ රහස් ඇත්නම් අහන් ඉන්නම් තවත් ළං වී.... භවයෙන් භවේ පතා ආ ආදරේ සදාකල් සුවඳයි... භවයෙන් භවේ පතා ආ ආදරේ සදාකල් මිහිරී... සීත මීදුම් වලා පටලෙන් අහන්නට බෑ සිතේ සිතුවම් අඳුරු මහ රෑ නිවුනත් පහන් සඟවනු බෑ නෙතේ කැල්මන්.... කියන්නට ආදරේයි කියා පමා වූවත් වදන් ගොලු වෙලා පතා ආ ආදරේ හමුවී...... භවයෙන් භවේ......
Data
Last updated May 2026