Home/Songs/පායා සීත රැයේ

පායා සීත රැයේ

Paaya Seetha Raye

Music: සනත් නන්දසිරි Lyrics: කුලරත්න අරියවංස
Font size:
පායා සීත රැයේ 
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ 
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ...

තනි තරුවේ ඔබ විලසින් 
තනි වී ඇත මා සසරේ...//
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

පායා සීත රැයේ.../

මද පවනේ රැඳි විලසින් 
හඬ තාම ඇසේ ඇයගේ...//
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ...

පායා සීත රැයේ.../ 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.