ආරොන් මාමා
Aron Mama
Music: වික්ටර් රත්නායක Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
ආරොන් මාමා වයසක මිනිහෙකි ඉපදුණු අප ගම්මානේ මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ නිතරම හීනෙන් බය වෙල වාගෙයි ලේ කදුලක් නෑ මූණේ දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා සාතන් අප්පුගෙ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇසුණා මිනිහා දඩි බිඩි ගාලා - බිත්තිය අයිනට දුව පැන්නා ජර මර සද්දෙට - කන දීගෙන උන්නා ගහපිය මරපිය ඔළුවට කොටපිය - පාලි සංස්කෘතත් කිව්වා සාතන් අප්පුගෙ කොළුවා දුව පැන - යකඩ පොල්ලකුත් හෙව්වා නිසි සැකයක් දැන් නැහැනේ - මිනිහෙක්මැරුවා වාගෙයිනේ මුළු ගමටම අඬ බෙර ගහමින් දිව්වා සාතන් අප්පු මිිනිහෙක් මැරුවා - ආරොන් ජොලාට කිව්වා ජොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා ගමම කුලප්පුව දිව්වා - සාතන් අප්පුව සැම සෙව්වා කඩු පොළු අරගෙන - ගෙය වැටලෙව්වා කාවද මැරුවේ කියපිය කියලා - සාතව අල්ලල ඇහුවා මිනිහා හිනැහී මරාපු පොළගෙක් ගෙයි මැද සාලෙන් තිබ්බා ඔළුවට ගැහුවේ මුගේ - මූ හිටියේ අැඳ යට මාගේ ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැනලා දිව්වා
Singers
Data
Last updated May 2026