විලක නෙළුම්
Vilaka Nelum
Music: වික්ටර් දළුගම Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
විලක නෙළුම් මට කුමට ද ඔබ හිනැහේ නම් නෙතක කැළුම් විඳ සැතපෙමි ඔබ සෙවනේ මම් ...// ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ හෙට අළුයම ගෙට ගෙන එමි ළහිරු රැස් දියේ වසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ විලක නෙළුම් මට කුමට ද .../ උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ විලක නෙළුම් මට කුමට ද ...//