Font size:
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී එදා වගේ අදත් හිඳින් දඟකාරියේ පුංචි රතු මල් වැවුනු දිග ගවුම ඇද ඇවිත් හිඳින් දඟකාරියේ එදා වගේ අදත් සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑසමේ පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න සොඳුරු දඟකාරියේ සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා කොළදෙලෙන් ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
Singers
Data
Last updated May 2026