සරතැස නිවා
Sarathasa Niwa
Music: ප්‍රියා සූරියසේන Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා පුබුදා උපුල් නෙත් යුග යොමා රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ ඔබෙ වත ළඟින් මගෙ වත තියේ හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ