Home/Songs/ඔබ කැමති නම් මට කියන්න

ඔබ කැමති නම් මට කියන්න

Oba Kamathy Nam Mata Kiyanna

Font size:
ඔබ කැමති නම් මට කියන්න..
මගෙ දුක ටිකක් හරි නිමෙන්න..
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා..//

ඔබම තමයි පෙරදා මා වෙත ආවේ..
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ..
ඔබම තමයි මගෙ ජීවිතේ එළිය කලේ..
ඔබම තමයි අද මගේ ලොව අඳුරු කලේ..

ලඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ..
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ..
මගෙ තුරුලේ උණුසුම ඔබමයි පැතුවේ..
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.