තුරු ළපලු ලතාවෝ
Thuru Lapalu Lathawo
Music: H M ජයවර්ධන Lyrics: හැරී විමලසේන
Font size:
තුරු ළපලු ලතාවෝ පවනේ සැලේ සීතල මේ නිහඬ රෑ ආදර විහඟුන් බලා තුරු ළපලු ලතාවෝ පවනේ සැලේ සිතුම් විමානේ සසල කළා වූ පෙම් හැඟුමන් පිබිදී මහද පුබුදු කළ ආදර ගීතය නැවුම් ලොවක පාවී සවනට මාගේ කොඳුරන්න නයනාවියේ තුරු ළපලු ලතාවෝ පවනේ සැලේ.... ජීවිත උයනේ විකසිත කුසුමන් සුවඳින් මහද සැලී නෙතු කැන් පිබිදී තරු මල් දිලිසී දිවිමග එළිය දිදී සවනට මාගේ කොඳුරන්න නයනාවියේ තුරු ළපලු ලතාවෝ පවනේ සැලේ....