Home/Songs/සිහිනයෙන් දුටු කෝකිලා

සිහිනයෙන් දුටු කෝකිලා

Sihinayen Dutu Kokila

Music: මහින්ද බණ්ඩාර Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
සිහිනයෙන් දුටු කෝකිලා රිදී තිරයේ හැංගිලා 
රිදී ස්වරයෙන් සවන් සැනසූ රදී තිරයේ කෝකිලා

රිදී තිරයේ හැංගිලා ගී ගැයූ අද කෝකිලා 
දැන් ඉතින් හැංගෙන්න බෑ මට දෑස ළඟටම ඇවිල්ලා  

පෙම්වතිය වී එදා ගැයූ ගී කාලයට වියැකී ගියා 
රිදී පෑ හිත තවරලා 
රිතේ ස්වරයෙන් එදා ගැයූ ගී කිසිදාක වියැකී නොයා
රැඳී ඇති සවනේ සදා

මවු හඬින් මා ගැයූ නැලවිලි 
ගුම් හඬින් ගැයූ ප්‍රේම ගී පද
අතීතේ සුළඟට ගියා 
ගුම් නගන බඹරුන්ට ගැයූ ගී 
අතීතේ සුළඟට නොයා
සදා රැවු දෙයි කෝකිලා 

සිහිනයෙන් දුටු කෝකිලා....
රිදී තිරයේ හැංගිලා.... 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.