හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
Hada Panak Se - Sadapanak - Hadapanak
Font size:
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට..... දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ මට නුපුරුදු ගමට එන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ මේ නගරයේ කූඩු වෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....
Singers
Data
Last updated May 2026