Font size:
අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ ආලය බැන්ද සදා නොනැසේ මධුර ලොව පෙම් රැජින මම නම් කිරුළ ඔබ ද මගේ සිරසේ (අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ..//) ආලය බැන්ද සදා නොනැසේ මධුර ලොව පෙම් රැජින ඔබ නම් කිරුළ මම ය ඔබේ සිරසේ... (පහළ ගලා යන ගඟ ඔබ නම් ඒ ගඟුලේ නිල් දිය රැළි මං නිල් දිය රැළි මං...//) මා බඹරා මල් මිතුරා වන මල ඔබ නම් (වැඩුණු නිදහසේ මහද සල් ගසේ එතුණ සමන් මල් වැල ඔබ වේ...//) අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ... (පෙම් ඔරුවේ බැඳි රුවල ඔබයි එය පැද යන පෙම් හබල මමයි පෙම් හබල මමයි...//) මීවදයේ රැජිනීය මෙමා ඔබ රජ බඹරා (මුහුද මා තමයි පතුලෙ මුතු ඔබයි රත්තරන් කඳේ පින් පල දේ...//) අහසේ සඳ සේ...