වැහි බිඳු වැටෙනවානම්
Wahi Bindu Watenawanam
Music: දිනේෂ් ගමගේ Lyrics: මනුරංග විජේසේකර
Font size:
රෑ පානේ තරුවක් දිස්වෙන්නේ නුඹ කෝ කියා ඇසුවා එදා මා ගාවින් තනියයි වැළපෙන්නේ කඳුලින් සදා මල් දම් ගොතා හිරි වැටුණු සඳ සේයා නිදි වරපු රෑ මා තනිවෙන්න හදවත් දැන් හිඟයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී විඳිමි ආදරේ ළංවී ඉන්නේ මා නම් රහසක් කියනවා නම් මොහොතක් තනිවී සොයමි ආදරේ මනලෝල රංග සේනා හදේ සියුම්ව දාරා නැවතිලා නැවතිලානේ නුඹ රහසෙ කියන ගීතා සෙමින් ඇසෙන්නෙ මාත්‍රා පැටලිලා පැටලිලානේ හිරි වැටුණු සඳ සේයා නිදි වරපු රෑ මා තනිවෙන්න හදවත් දැන් හිඟයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී විඳිමි ආදරේ ආදරේ...... වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී විඳිමි ආදරේ ළංවී ඉන්නේ මා නම් රහසක් කියනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ