Font size:
රන් උකුලේ නිතඹේ සලලා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවඳක් වැදිලා සුවඳයි සුවඳයි නිලුපුල් මැණිකා (තෙතනෙ නානෙ නා... තෙතනෙ.. තෙතනෙ නානෙ නා...//) ආදරයේ හැඟුමන් ඇවිලී ගිම්හානේද මේ සොඳුරියේ වස්සානේ නොඒවිදෝ පිං මදීවාද මැණිකේ මාගේ (තෙතනෙ නානෙ නා... තෙතනෙ.. තෙතනෙ නානෙ නා...//) නුඹේ කැල්මන් මා දකිනා දිනේ සුවදේවි හද මන්දිරේ නොලැබේ නම් ස්නේහේ නුඹේ ඉවසනු මා කොයි ලෙස නගේ රන් උකුලේ නිතඹේ සලලා.... (තෙතනෙ නානෙ නා... තෙතනෙ.. තෙතනෙ නානෙ නා...////)