Font size:
සීතල ගේනා රෑ අඳුරේ උණුසුම සොයනා හදවත ගැහෙනා සේයාවන් නෙතු ලඟ මවනා වාවනු බෑ මා හිත් අරණේ නැවතී ඉන්නා එනවද මා හා මේ සන්සුන් රැඟුමක රස පෙන්නා ඉඟි වෑහෙන්නා හොරයෙන් මට පානා මං ගාවින් ඉන්නා සීනේ සරනා හිත පාවෙන්නා පෙම් තනුවේ රැඳුනා හැඟුමන් පාවීලා දෙනුවන් නුඹ සොයනා සුසුමන් මැව්වා සේයාවන් රහසේ තනි වීලා පැතුමන් ඉන්නා ආසාවන් මහදේ සැඟවීලා සීතල ගේනා.... අල්ලලා මිරිකන් කොල්ලගේ අත මං දිහා බලනවා කන්න වගෙ අතුරුපස පෙරහැර මග ඔය බැල්ම කස හොඳ හොඳ නැටුම් තව පස්සට ඔය හද වසමි මම කෙල්ලෙ නිලමේ කොල්ලට අත එපත මෙ මටනේ ආදර සටනෙදි නුඹ මග හැරුනේ හදවත වැහුන දොරවල් මට ඇරුනේ වටපිට බලන්න හොයන්නේ වෙනසක් දවසක් ඇති මොකදට දින සීයක් තියා ගමු කිව්වා මේක ලෙස රහසක් මම තනිකඩයි so I dont give a .... උණුසුම් හැඟුමන් පාවෙන්න හිත නුඹ ගැන විමසන්නා දෑසින් කියනා රහසින් පෙන්වත් වීලා නුඹ ලඟ ඉන්නා තනියට මාගේ ලඟ ඉන්නා නිල්වන් දෙනුවන් දිලිසෙන්නා සුසුමන් කොහෙදෝ පාවී යන්නා සීතල ගේනා....
Singers
Data
Last updated May 2026