Font size:
දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා හිරු දෙවියෝ සඳු දෙවඟන මුහුණ සිඹින්නා වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා ඔහු දරු දෙන්නා - ගත එල්ලෙන්නා ආදරෙ පෙන්නා - සිඹ සනසන්නා මෑණි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹන්නා එළදෙන පැටියෙකු ළංකර ඌ ලෙව කන්නා තරුණ ළියක් කවුළුවකින් එබිල බලන්නා ඇගේ ඇගේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා තරු හිනැහෙන්නා - හිරු නොපෙනෙන්නා ඒ අසළින්නා - තරුණෙක් යන්නා පෙම් යුවලක් හඳ පානේ මුකුළු කරන්නා ඒ අසලම තියන ගසක වැළක් එතෙන්නා උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැලෙන්නා පන්සල් එන්නේ - නැද්ද අසන්නේ ඒ විළසින්නේ - සීනු වැදෙන්නා
Singers
Data
Last updated May 2026