Font size:
අහස පොළොව පෙනෙන නොපෙනෙන සියල්ලක් මැවූ දෙවිඳුනි ඔබ මට දුන් දායාදය අතිරමණීයයි අතිකමනීයයි සුරතල් සිනා සාගරයයි මුළු ලොවටත් වඩා ආදරෙයි මේ ගීතය ගයන්නේ ඇයට ඇසෙන්නටයි ඇගේ සමනල හදවත සතුටු කරන්නටයි මගේ රයිනි චාරුකා දුවට ඇසෙන්නටයි (අඤා මුඤා අඤා මුඤා අඤා මුඤා...///) මගේ හොඳ පොඩි දුව ටික ටික ලොකු වෙනවා තාමත් සුරතල් වදනින් සැනසෙනවා මගේ කුඩා විය මවගේ හැඩරුව යළි සිහියට එනවා යළි එනවා (අඤා මුඤා අඤා මුඤා අඤා මුඤා...///) දුව මේ ගී පද මා හා මුමුණනවා මතු දින ඈ හට මගේ හිත වැටහෙනවා ඈ මව් පදවිය ලැබූ දිනෙක මේ ගීතය සහිවෙනවා යළි මුමුණනවා (අඤා මුඤා අඤා මුඤා අඤා මුඤා...///) (අඤා කිච්ච කිච්චම් පොකුණ...///) (අඤා මුඤා අඤා මුඤා අඤා මුඤා...///)
Singers
Data
Last updated May 2026