Home/Songs/සුලං රොදට

සුලං රොදට

Sulan Rodata

Font size:
සුලං රොදට දැල් බඳින්න අහසට හැකිද
ගඟන පුරා තරු නිවන්න සඳකට හැකිද
එකතුවෙලා ගී ගයන්න සිතුවොත් බැරිද
අපි පරපුරකින් පරපුරකට පෙරටම යමුද

අතින් අදින - තල්ලු කරන - මුර පොළේ
සුළු ඉඩ - තිබුනට - යන්නේ - කෙලෙසද මඟේ
අපි - එකා වගේ - අත් අල්ලා - පිය පෙළේ
එක මිට - බිඳිනට - පහසුත් - නැතබව පෙනේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.