යන්නෙපා මතකයෙන් ඔයා
Yannepa Mathakayen Oya
Music: චාමික සිරිමාන්න Lyrics: සවනී කුලසේකර
Font size:
යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා ආදරේ කරනවා මගේ හුස්ම යනතුරු පවා ඔයා මට දුන්නු හිත මගේ ළඟ පරිස්සම් හැමදා යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා........ වැටෙන වැටෙන කඳුලක් ගානේ හිත කියනවා ඔබව මගේ දකින දකින දසුනක් ගානේ හිත හොයනවා ඔබ කොහේ හිත පතුලේ මගේ පිරුණු සෙනේ ඇයි තවම ඔබ නොදුටුවේ යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා........ හෙලන හෙලන සුසුමක් ගානේ හිත පතනවා ඔබේ සෙනේ කල්පයක් ගෙවුණත් කාලේ හිත රකිනවා මම ඔබේ හිත පතුලේ මගේ පිරුණු සෙනේ ඇයි තවම ඔබ නොදුටුවේ...... යන්නෙපා මතකයෙන්........