Home/Songs/තව දවසක් හමු වී ඉමු මේ භවේ (ස්පන්දන)

තව දවසක් හමු වී ඉමු මේ භවේ (ස්පන්දන)

Thawa Dawasak Hamu Wee Imu Me Bawe

Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ...

මද පවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවෙන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජිවිතේ පාළුයි මගේ...

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ...

තව දවසක් හමු වී.../
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.