Home/Songs/දුක දන්න නිසයි

දුක දන්න නිසයි

Duka Danna Nisayi

Font size:
දුක දන්න නිසයි මුළු හදින්ම ඔබට පෙම් කළේ
දුක දන්න ඔබම ඇයි මෙච්චර දුකම ළං කරේ
දුක කියාගන්න මට උන්නේ ඔබයි වස්තුවේ
දුක දරා ගන්න කියාදෙන්න පෙම් කළා වගේ

දුක දන්න නිසයි ආදරයට එදා බිය වුණේ
ඔබ අහිංසකව ආදරයේ පුල්පොත කීවේ
කිරි දරුවෙක් සේ එල්ලීගෙන ඔබෙ සුළගිල්ලේ
මං ආදරයේ සමනල් ලොව ඈතට ආවේ

දුක දන්න නිසයි ....

හිස් කොළයක් වැනි හිත කවි පිටුවක් කරලා
ඒ පිටුවම කඳුළින් ඔබ මකලා දැම්මා
සමනළයෙන් ඇන මරන්න රෝස කටුවකින්
දරුණු වුණේ කොහොමද කවිකාර ඔය හැඟුම්

දුක දන්න නිසයි ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.