රාත්‍රී ඔබ ගෙවී යන්නට
Rathri Oba Gewee Yannata
Music: රෝහණ වීරසිංහ Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින් තාරකා මල් ඇහිඳිනා කින්නරාවිය නිවන් ඇවිලෙනා සිතැඟි ඈ සිහිල් සඳ වතුරෙන් රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින් ලිය මඬුලු යහනේ සරා සඳ වැතිරිලා ...// පුරා මී බිඳු පොපියනා රත් තඹර විල ස්වර්ණ හංසිය නිදිවරයි රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින් දුහුළු මඳ පවනේ තුරු ලතා මල් සළයි විහඟ වියවුල් නතර වූ සුසුම් උණුසුම් රෑ පුරා ඈ ඉකිබිඳී රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින් තාරකා මල් ඇහිඳිනා කින්නරාවිය නිවන් ඇවිලෙනා සිතැඟි ඈ සිහිල් සඳ වතුරෙන් රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්.....
Singers
Data
Last updated May 2026