සිරිමා බෝ මුල
Sirima Bo Mula
Music: සිසිර සේනාරත්න Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
(සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා මර දූවරු තිදෙනා...//) (රතී වයන්නී රංගා රඟන්නී තණ්හා ගී ගයතී...//) මෙතින් ලඳුන් වැනි ලඳුන් අසා නැත කිසි දිනයක දියතේ කිසි දිනයක දියතේ සිරිමා බෝ මුල.... (සවන සනහතී නයන පිනවතී ඉඟ සුඟ නලවාලා...//) මනස කළඹතී යන්නට සැරසෙතී රඟ දෙන මර දූලා රඟ දෙන මර දූලා සිරිමා බෝ මුල.... (සමාධි සම වැඩ බුදු පුන් සිදුහත් තවුසා වෙසෙනු පෙනේ...//) නුරා ලතාවට මර අඟනන්ගේ හිමි නැත වසඟ වුණේ හිමි නැත වසඟ වුණේ සිරිමා බෝ මුල....